Articles for parents
Plain-language articles in Sinhala and English, published on Baby Journey.
බබාල එක්ක සාර්ථක සන්නිවේදනයක් (communication) ගොඩනඟමු
දරුවන් සමග සාර්තක සන්නිවේදනය කියන්නේ එක දවසින් කරන්න පුළුවන් මැජික් එකක් නෙවෙයි. ඒක හරියට "විටමින් එකක්" වගේ. හැමදාම ටික ටික ශරීරයට දෙන්න ඕනේ. දරුවන්ට පරිපූර්ණ දෙමාපියන් ඕනේ නැහැ. එයාලට ඕනේ තමන්ව තේරුම් ගන්න පුළුවන්, තමන්ට ආදරය කරන, ඕනෑම ප්‍රශ්නයකදී ළඟ ඉන්න අම්මෙක් සහ තාත්තෙක් විතරයි. අදම පටන් ගමු!
Read on Baby Journey →ඔබත් කාර්ය බහුල මවක්ද? පියෙක්ද? දරුවන් මගනොහැරෙන්න මේදේවල් කරනවද?
වෛද්‍යවරයෙකු ලෙස මම මව්වරුන්ට කියන්නේ—දරුවන්ට දෙන “quality time” කියන්නේ පැය ගණනක් නොව, ඔබට තිබෙන කාලයේ ගුණාත්මක භාවයයි. කුඩා අවස්ථා (Micro moments) – උදේ සුබ පැතුමක්, අල්ලාගැනීමක්, පාසලට යන විට කෙටි කතා. දිනචරියාව තුළ සම්බන්ධතාව – ආහාර වේලෙදී දුරකථන වසා දරුවා සමඟ කතා කරන්න. සම්පූර්ණ අවධානය දෙන්න – දරුවා සමඟ සිටින විට phone එක අයින් කර ඇහුම්කන් දෙන්න. ඔබේ ජීවිතයට ඔවුන් ඇතුළත් කරන්න – උයන, ගමන්, වැඩකටයුතු එකට කරන්න. පවුල් සම්ප්‍රදායන් – සතියට film night හෝ breakfast එකක් වැනි දේ. ක්‍රීඩා හා හිනාව – දරුවන් සමඟ සෙල්ලම් කිරීමෙන් බැඳීම වැඩිවේ. දරුවාගේ රුචිවලට ගෞරවය – ඔවුන් කැමති දේවල් ගැන උනන්දුවෙන් අහන්න. ප්‍රශංසා සහ ආදරය පෙන්වන්න – කුඩා හොඳ දේවල් පවා අගය කරන්න. දෝෂ නිවැරදි කිරීම – වැරදි වූ විට සමාව ඉල්ලා සම්බන්ධතාව හදන්න. ප්‍රධානත්වය දරුවන්ට දෙන්න – අනවශ්‍ය වැඩ අඩු කර දරුවාට ප්‍රමුඛතාව දෙන්න. දරුවාගේ මානසික සෞඛ්‍යයට වැදගත්ම දේ වන්නේ ඔබගේ ආදරය සහ සම්පූර්ණ අවධානයයි.
Read on Baby Journey →ළදරුවන්ගේ කොළ පැහැති මළපහ
ළදරුවන්ගේ කොළ පැහැ මළපහ කිරි බොන දරුවන්ගේ ආරක්ෂිත දෙයක් වන අතර, බොහෝ විට ඔවුන්ගේ ආහාර ජීර්ණය පද්ධතිය සංවර්ධනය වෙමින් පවතින නිසා සිදු වේ. මෙය බොහෝ ආදරණීය මව්වරුන්ට ගැටලුවක් වුවත්, බොහෝ විට එය සාමාන්‍ය දෙයක් පමණි.
Read on Baby Journey →මව් කිරිවල සැඟවුණ රහස්
මව්කිරි යනු ජීව විද්‍යාත්මකව සක්‍රීය ද්‍රවයක් වන අතර, දරුවාගේ අවශ්‍යතා අනුව එහි සංයුතිය වෙනස් වේ. එය ගර්භාවස්ථා වයස, උපතින් පසු වයස, සහ මව්-පරිසරික කරුණු අනුව වෙනස් වේ...
Read on Baby Journey →අලුත උපන් දරුවන්ට IM Vitamin K ලබාදීමේ වැදගත්කම
Read on Baby Journey →අලුත උපන් බිළිඳෙකු සිටින ශ්‍රී ලාංකීය අම්මලාට දිරියක්
අම්මා කෙනෙක් වෙන එක ලේසි නෑ, ඒත් ඒක ලෝකේ තියෙන ලස්සනම අත්දැකීමයි. ❤️ අලුත උපන් බිළිඳෙක් එක්ක ගෙවන මුල්ම දවස් ටිකේ හෙම්බත් වෙලා ඉන්න හැම අම්මා කෙනෙක්ටම මේක බලන්න කියන්න.
Read on Baby Journey →ප්රතිශක්තීකරණය (Vaccination) -1
BCG (Bacillus Calmette–Guérin) vaccine කියන්නේ ලෝකයේ දිගු කාලයක් භාවිතා කරන වැදගත් එන්නතක්. මේ එන්නත ප්‍රධාන වශයෙන් Tuberculosis (TB) කියන බැක්ටීරියා ආසාදනයෙන් ඇතිවන බරපතල රෝග තත්ත්වයන් වැළැක්වීමට භාවිතා කරනවා. BCG එන්නත කියන්නේ මොකක්ද?
Read on Baby Journey →ඔබේ පැටියාත් කිරි වමනය දානවද?
Read on Baby Journey →දරු ප්‍රසවයෙන් පසු මවක් රැකබලා ගැනීම
දරු ප්‍රසවයෙන් පසු මවක් රැකබලා ගැනීම ඇගේ ශාරීරික සුවය සහ මානසික සෞඛ්‍යය සඳහා ඉතා වැදගත් වේ. මෙම කාලය සුවය ලබන, නව ජීවිතයකට හැඩගැස්වෙන, සහ වැඩි සහාය අවශ්‍ය වන කාලයකි. පළමුව, ප්‍රමාණවත් විවේකය ලබාදීම වැදගත් වේ. දරුවා සමඟ නින්ද අඩුවිය හැකි බැවින්, පවුලේ සාමාජිකයින් දරුවා රැකබලා ගැනීමට සහ ගෙදර කටයුතු සඳහා උදව් කරමින් ඇයට විවේක ගැනීමට අවස්ථාව ලබාදිය යුතුය.
Read on Baby Journey →Squint) – Do parents need to be concerned?
Squint ලෙස හඳුන්වන්නේ වෛද්‍ය භාෂාවෙන් Strabismus ලෙසයි. මෙහිදී බිළිඳාගේ ඇස් දෙක එකම දිශාවට නොබලා තිබේ. එක් ඇසක් සෘජුව බැලූ විට අනෙක් ඇස ඇතුළට, පිටතට, ඉහළට හෝ පහළට හැරී තිබිය හැක. බිළිඳුන්ට මෙය සාමාන්‍යද?
Read on Baby Journey →Discharge from the eyes of newborns
Eye discharge in newborns is fairly common and is usually due to a **blocked tear duct** (also called Nasolacrimal Duct Obstruction). It can cause watery eyes with a sticky or yellowish discharge, especially after sleep. In some cases, discharge may be due to **infection**, such as Neonatal Conjunctivitis, which may include redness, swelling, and more persistent pus. Most blocked tear ducts clear up on their own, but signs of infection should be checked by a doctor.
Read on Baby Journey →
Have a question about your baby?
Emergency? Do not wait for a reply. Call 1990 (Suwa Seriya ambulance) or go to the nearest hospital Emergency Treatment Unit (ETU). When to seek help